නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් මියන්මාරයේ නායිකා අවුන් සාන් සු කිගේ සමරුව කැනේඩියානු මානව හිමිකම් කෞතුකාගාරයෙන් ඉවත් කිරීමට සූදානම් වෙයි.

ඒ ඇය එරට දේශපාලන නායිකාව වූ පසුව දිගින් දිගටම සිය රටෙහි වෙසෙන රෝහින්ග්‍යා ජාතිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙනි.

ඇයගේ ඡායාරූපය දැනට අඩ අඳුරු කර ඇති අතර ඉන් සංඥා කෙරෙන්නේ ඉදිරි දිනවලදී එය ඉවත් කිරීමට නියමිත බව ය.

වසර ගණනාවක් තිස්සේ ඇය නිවාස අඩස්සියේ සිටියදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම නිසා ඇයට මානව හිමිකම් ආරක්ෂා කරන බවට වන කීර්තියට හිමිකම් කීවාය.

එහෙත් දේශපාලනයට පිවිසි පසුව රෝහින්ග්‍යාවරුන් වෙත ඇයගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තරව විවේචනයට ලක්විය.