ඉන්දීය දේශපාලනයේ ප්‍රබල සලකුණු තැබූ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති මුතුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී තිබේ.

හෙතෙම මියයන විට 94 වැනි වියෙහි පසුවිය.

අද පස්වරු 6.10ට පමණ කවුවේරි රෝහලේදී ඔහු මියගොස් ඇති අතර ජනතාවට සන්සුන්ව කටයුතු කරන ලෙසට තමිල්නාඩු දේශපාලකයින් නිවේදනය කර් තිබුණි.

ඔහු වසර 50ක් පමණ ඩීඑම්කේ පක්ෂ නායකයා ලෙස කටයුතු කළේය.

එමෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත මහඇමැතිවරයා ලෙස 5 වරක් පත් විය.

ශ්‍රී ලංකාවේද දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ඔහු එල්ටීටීඊ සංවිධානයට සහය ලබාදුන් අයකු ලෙසද ප්‍රකට දේශපාලනඥයෙකි.

කරුණානිධි වෙනුවෙන් සමරු ස්මාරකයක් ඉදිකිරීමට පක්ෂය ඉල්ලීමක් කර ඇත.