සම්මානලාභී ඡයාරූප ශිල්පියකු මෙන්ම සමාජ කි‍්‍රයාකාරිකයකු වන ෂහිදුල් අලාම් බංග්ලාදේශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ජසීරා මාධ්‍ය වෙත ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ජනතාව කුපිත වන අකාරයේ අදහස් දැක්වීමක් සිදුකළ බව ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

ඔහු දින 7කට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් ප‍්‍රකාශකයකු පවසා තිබුණේ ජාත්‍යන්තර සන්නිවේදනය හා තාක්ෂණය පිළිබ`ද වන පනත යටතේ ඔහුට චෝදනා ගොනුකෙරෙනු ඇති බවයි.

63 හැවිරිදි මෙම ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍ායාරූප ශිල්පියා ශ‍්‍රී ලංකාවේ ද ඡුායාරූප ශිල්පීන් පුහුණු කිරීම ස`දහා පැමිණි අයෙකි.

Shahidul-alam-taken-to-court_6th-aug-2018-1024x683