අවශ්‍ය දේ
මාළු බිත්තර ග්‍රෑම් 150
හීනියට ලියාගත් රට ලූනු ගෙඩි 01
ගාගත් ‍පොල් කප් භාගයක්
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 5-6ක්
කහ කුඩු තේ හැඳි 1/4
කුඩා කුරුඳු ‍පොතු කැබැල්ලක්
අඹරාගත් ඉඟුරු තේ හැඳි 1 1/2ක් පමණ
අඹරාගත් සුදු ලූනු බික් 02ක් 03ක්
රම්පේ
කරපිංචා
තෙල් මේස හැඳි 2-3ක්
ගම්මිරිස් කුඩු
ලුණු
දෙහි යුෂ

මාළු බිත්තර හොඳට සෝදා එය දෙකට පළා ඇතුළේ තියෙන චූටි බිත්තර එළියට ගෙන වෙනම භාජනයකට දමන්න. දැන් එයට කහ කුඩු, ඉඟුරු, අමු මිරිස්, ‍පොල්, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු දාගෙන කවලම් කරන්න. භාජනයක් ළිප තබා එයට ‍පොල්තෙල් දමා තෙල් රත්වූ පසු රම්පේ, කරපිංචා, කුරුඳු ‍පොතු කෑල්ලක් දමා තෙම්පරාදු වෙන්නට හරින්න. ඉන්පසු සුදු ලූනු, රට ලූනු එකතු කරන්න. එයට මාළු බිත්තර මිශ්‍රණය එකතු කර අඩු ගින්දරේ මාළු බිත්තර වතුර ගතිය නැති වනතෙක් පියනකින් වසා උයාගන්න. (මාළු බිත්තර තැම්බෙන්න වතුර ටිකක් එකතු කරන්න. පියනකින් වැසුවාට සැරින් සැරේ හැඳිගාන්න) ළිපෙන් බාගත් පසු රස අනුව දෙහි එකතු කරගන්න.