ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ දැඩි භූ කම්පනයෙන් එම දූපතේ හා බාලි හි වෙසෙන 82කට අධික පිරිසක් මියගොස් තිබේ.

තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි ද මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද එරට වාර්තා පවසයි.

රික්ටර් මාපකයේ ඒකක 7.0ක් ලෙස ඊයේ සටහන් වූ ප‍්‍රබල භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කෙරුණු අතර එය පැය කිහිපයකින් ඉවත් කෙරිණ.

පසුගිය 29 වැනිදා ද මෙවැනිම ප‍්‍රබල භූ කම්පනයකින් ඉන්දුනීසියාවේ පුද්ගලයන් 14 දෙනකු පමණ මියගොස් කදු නගින්නන් 500 දෙනකු පමණ සිරවී සිටියදී ගලවා ගැනිණ.

ඉන්දුනීසියාවට පසුගිය දිනවල භූ කම්පන ගණනාවක් බලපෑ අතර එහි පසුකම්පන තත්ත්වයන් ද ප‍්‍රබල වීම ගැටලු සහගත බව ද භූ විද්‍යාඥයෝ පවසා තිබේ.

Capture 4EDB131800000578-6028493-image-a-51_1533485778652 copy copy 4ED9C81C00000578-6028493-image-a-38_1533482102837 copy copy 4EDD595700000578-6028493-image-a-2_1533519783189 copy copy 4EDD50A600000578-6028493-image-a-1_1533519777799 copy copy