ඉන්දුනීසියාවේ වෙරළාසන්න ප්‍රදේශයකට බලපෑ ප්‍රබල භූ කම්පනයෙක් ශ්‍රී ලංකාවට අවදානමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඉන්දුනීසියාවට අද බලපෑ භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7ක් ලෙස සටහන් වී තිබේ.

සංචාරක පාරාදීස ලෙස සැළකෙන ලොම්බොක් හා බාලි දූපත් ආශ්‍රිතව භූ කම්පනය සිදුව ඇත.

ඉන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහොමයක් තුවාල ලබා තිබේ.

පසුගිය 29 වැනිදා ද ලොම්බොක් හි මෙවැනිම ප්‍රබල භූ කම්පනයක් හටගත් අතර එහිදී 24ක් පමණ මියගොස් තිබුණි.