රටට ආදරය කරන, රටට හිතැති සියලූ දෙනා එක්ව කි‍්‍රකට් ක‍්‍රීඩාව නංවාලීමට කටයුතු කරන්නැයි තමන් කි‍්‍රකට් බලධාරීන්ගෙන් සහ ක‍්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අරවින්ද ද සිල්වා පවසයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පහළ තලයකට බිඳවැටී ඇති බවත් එයින් මෙය මුදවාගැනීමට නම් වාද භේද දේශපාලන මතිමතාන්තර ඉවත් කර රටක් හැටියට ක‍්‍රීඩකයන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කළයුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
අර්ජුන රණතුංග සහ තමන් කිසිකලෙක මුදලට හෝ වෙනත් වරප‍්‍රසාදයකට කණ්ඩායම හෝ තරග පාවානොදුන් බවත් මුදල ගැන නොසිතා රට ගැන සිතූ නිසා 96 ලෝක කුසලානය හිමිකරගත් බව ද අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කළේ ය.

කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේය.

භක්ති මෙන්ඩිස්