ශ‍්‍රී ලංකාවට සම්බන්ධ කැනේඩියානු යුවළකට අයත් ජීප් චෙරෝකී SUV සුඛෝපභෝගී මෝටර් රථය කැනඩාවේ හැමිල්ටන්හි දී හදිසියේම ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබේ.

අනතුරින් ඔවුන් දෙපළට හෝ මාස 6ක් වයසැති බිළිඳාට කිසිඳු හානියක් වී නැතත් ඔවුන් දිවිගලවාගෙන ඇත්තේ අනූනවයෙන් බව අනතුරට මුහුණ පෑ කි‍්‍රස් රත්නසිංහම් මහතා පවසයි.

ඔවුන් මෝටර් රථයෙන් පැමිණ සිය නිවස අසලදී නවතා කිස් සහ බිරිඳ පිටතට පැමිණ ඇත්තේ ඔවුන්ට තැපෑලෙන් පැමිණි ලිපි ලබාගැනීම සඳහායි.

එම අවස්ථාවේදී හුඞ් එක තුළින් දුමක් නගිනු බිරිඳ දැක ඇත.

ඇනීසා මහරාව් එ් බව වහා කි‍්‍රස්ට පැවසූ පසුව ඔහු එන්ජිම විවෘත කර ඇති අතර එතුළින් විශාල දුමක් පිටතට විහිදීම නිසා ඔහු වහා ජිප් රථය තුළ බිළිඳු ආසනයේ රඳවා සිටි සිය දරුවා පිටතට ගෙන තිබේ.

ඉන්පසුව ඔවුන් තිදෙනා එම ස්ථානයෙන් බොහෝ දුරට දිවගොස් ඇත.

විනාඩි 4ක් තුළ දුම වැඩිවී මහා ගින්නක් හටගෙන ජිප් රථය මුළුමනින්ම විනාශ වී තිබේ.

”අපි SUV එකක් ගන්නේ ආරක්ෂාව ගැන හිතලයි. එහෙත් එහි ආරක්ෂක තත්ත්වය මෙහෙමනම් කොහොමද විශ්වාස කරන්නේ” කි‍්‍රස් පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ සමාගම පවසා ඇත්තේ ”මේ හා සමාන සිදුවීම් මීට පෙර තම සමාගම වෙත වාර්තා වී නොමැති නමුත් මෙම මාදිලියේ වාහනයක ගින්නක් ඇතිවීම එහි සැකැස්ම අනුව කිසිදු ලෙසකින් සිදුවිය නොහැකි” බවයි.

”කෙසේවෙතත් මෙම අනතුරට ලක්වූ මෝටර් රථය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවත් තම නිෂ්පාදන සම්බන්ධයෙන් ඉතා සමීප අධීක්ෂණයක් නිරන්තරයෙන් සිදුවන බවත්” අදාළ ජිප් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ට දන්වා තිබේ.

රක්ෂණ සමාගම මගින් ද මෙම රථයට ලබාදෙන තක්සේරුව එහි වටිනාකමින් බොහෝසෙයින් අඩු එකක් බව ද කි‍්‍රස් පවසයි. තමන්ගේ වරදක් නිසා නොවූවද මුළු රක්ෂණ මුදල ලබාදීම සමාගම විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

කෙසේවෙතත් මතුවූ තත්ත්වය සැළකිල්ලට ගෙන මෝටර් රථ සමාගම පවසා ඇත්තේ එම යුවළට වෙනත් වාහනයක් ලබාදෙන බවයි. විමර්ශනයෙන් අනතුරුව හේතු සොයා බලා එය ගෙවීමකින් තොරව ලබාදීම සඳහා ද එම සමාගම පියවර ගනිමින් සිටියි.

මෙවැනි වාහනයක් මෙරට මුදලින් රුපියල් කෝටි 3කට ආසන්න වේ.

canada 37960501_10160902754605195_1718550860490866688_n (1)

-jeep-cherokee copy copy