වසර 500කටත් එහා ඉතිහාසයක් ඇති ‘ඇදෙන සුළු’ අයිස්ක‍්‍රීම් වර්ගයක් එදා රසයෙන්ම රසවිඳීමේ අවස්ථාව නිව්යෝර්ක් වෙත යන ඔබට බෲක්ලින්හිදී රස විඳීමට අවස්ථාව හිමිවෙනවා.

ඊජිප්තුවේ, චීන ඉතිහාසයේ වසර සිය ගණන් පැරණි වට්ටෝරුවකට අනුව මෙම අයිස් ක‍්‍රීම් ක්වෙෂ්ටා නමැති රසයෙන්ම නිපදවෙන අතර නවීන රසයෙන් වැනිලා හා චොක්ලට්, මින්ට් වැනි රසයෙන් ද ලබාගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.
මෙය සාමාන්‍ය අයිස්ක‍්‍රීම්වලට වඩා ක‍්‍රීමි, මෘදු වන අතර වඩාත් රසවත් බව සඳහන්.

ඇදෙන සුළු ගතිය අයිස්ක‍්‍රීම් වෙත ලබාදීමට එදා මෙන්ම ඕර්කීඞ් ශාකයේ මැලියම් වැනි කොටස් වියළා කුඩු කර තවත් කළමනා කිහිපයක් සමඟින් මිශ‍්‍ර කොට යොදාගැනෙනවා.

ලොව රටවල් කිහිපයක මෙවැනි ඇදෙන සුළු අයිස් ක‍්‍රීම් දැන් ටිකින් ටික ප‍්‍රසිද්ධ වෙමින් පැවතුනක් රිපබ්ලික් ඔව් බූසා අවන්හල් හිමිකරු නම් පවසන්නේ සැබෑම පෞරාණික වට්ටෝරුවට අනුව එදා රසයෙන්ම ඇදෙනසුළු අයිස් ක‍්‍රීම් නිපදවන්නේ තම අවන්හලෙන් බවයි.