කාශ්මීරයේ පැරණිතම සිල්ක් රෙදි කම්හලේ වැඩකටයුතු වසර 30ක විරාමයකින් පසුව ඊයේ යළි ආරම්භ කර තිබේ.

මෙම කම්හල පිහිටුවන ලද්දේ 1897 වසරේදීය.

ඒ මහා බි‍්‍රතාන්‍යයේ සිල්ක් සම්මේලනයේ සභාපති සර් තෝමස් වෝර්ඩ්ල්ගේ සහය ඇතිවයි.

දැඩිව අබලන්ව තිබුණු මෙම කම්හලේ අලුත්වැඩියා කටයුතු සම`ගම මල්බෙරි කෝෂවලින් රෙදි නිෂ්පාදනය ද ආරම්භ කර ඇති බව එරට වාර්තා පවසයි.

ලොව වඩාත් තුනී සහ ප‍්‍රමිතියෙන් උසස් ලෝටස්, ටියුලිප්, අයිරිස්, නීල් වැනි සිල්ක් රෙදි නිෂ්පාදනයට කාශ්මීරය ප‍්‍රසිද්ධ නගරයකි.

silk 7 silk 6 silk 5 silk 4 silk 3 silk 2 silk 1