18 වංගුවේදී පසුගියදා සිදුවූ රුපියල් කෝටි 5 1/2ක මුදල් කොල්ලයේ සියලූම සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය සමත් වෙයි.

ඉන් සැකකරුවන් 6දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ගම්පහ කි‍්‍රයාත්මක පාතාල කල්ලියකට සම්බන්ධ පිරිසක් බව ද පොලිස් මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකරුවන් කුරුණෑගල, මිනුවන්ගොඩ, මහනුවර හා කොළඹ පදිංචිකරුවෝ වෙති.

පසුගිය ජුනි මස 11 වැනිදා 14 වැනි වංගුවේ දී මෙලෙස කොල්ලකා තිබුණේ පුද්ගලික බැංකුවක මහියංගනයේ ශාඛා දෙකකට අයත් එම මුදල් තොගයකි.

මුදල් තොගය පැහැර ගන්නා අවස්ථාවේ දී මෙම මුදල් පුද්ගලික ආරක්ෂක සමාගමක (බැංකු සහ මූල්‍ය ආයතනයන්ට අයත් මුදල් ආරක්ෂාකාරීව ප‍්‍රවාහනය කෙරෙන) ආරක්ෂකයන් භාරයේ කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබී ඇත.

මෙම කොල්ලකෑමට මෙම ආරක්ෂක ප‍්‍රවාහන සමාගමේ පුද්ගලයකු හවුල් බවට ද මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම ආරක්ෂක සමාගම විසින් මුදල් ප‍්‍රවාහනය කරමින් සිටියදී අතිවිශාල මුදල් තොග කොල්ලකෑ අවස්ථා කිහිපයක් පෙරදීද වාර්තා වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ සෑම මුදල් කොල්ලයකටම අදාළ මුදල් ප‍්‍රවාහන සමාගමේ සේවයේ නිරතව සිටියෙකුගේ සම්බන්ධයක් පැවැති බවට ද කරුණු හෙළිවී තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ

මෙම මුදල් කොල්ලය පිළිබඳ ලිපියක් රිවිර ඉරිදා සංගහයේ පළවිය. එම ලිපිය මෙතැනින්