ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලපනේ ආසන සංවිධායක සහ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති ජගත් සමරහේවා මහතාට බරපතළ වැඩසහිත වසර 12ක සිර දඬුවමක් නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී. කරලියද්ද මහතා අද නියම කළේය.

එම සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 105ක දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය.

2004 අපේ‍්‍රල් 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක උඩුපුස්සැල්ලාව ප‍්‍රදේශයේදී කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට අයත් රුපියල් ලක්ෂ 35ක් වටිනා ජිප් රථයක් සාවද්‍ය පරිහරණය කිරීමෙන්, නීතිවිරෝධී ආකාරයෙන් රිවෝල්වරයක් සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට අද දඬුවම් නියම කළේය.

ඉෂාර රත්නකාර