”අපේ වැඩවලට නිසි ප‍්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිතුරන්ට, මාධ්‍ය ප‍්‍රධානීන්ට මම ගෞරවයෙන් කියනවා අපිට ගහලා, අපිව දුර්වල කරලා, දීලා තියෙන මිනිස් නිදහස, මාධ්‍ය නිදහස නැතිකරගෙන, නැවත දවසක කඳුළු හලන්න එපා කියලා.” යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම මේ බව කියාසිටියේ මොරගහකන්ද, කළුගඟ ජලාශයේ ජලය රැඳවුම්, උමං තැනීම ආරම්භ කෙරෙන අද උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.

”මාධ්‍යයේ අද ප‍්‍රචාරය තියෙන්නේ ආණ්ඩු විරෝධී ප‍්‍රකාශ. හවසට මාධ්‍ය බලපුවාම රටේ ආණ්ඩුවක් නෑ. මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ රටේ සත්‍ය කතාකරන්න. සත්‍ය දේ පෙන්නන්න. දේශපාලන ආරවුල්, වැඩක් නැති අශීලාචාර දේ පෙන්වන්න නෙවෙයි.”

සිය කතාව අවසානයේදී ජනාධිපතිවරයා සියලූ රාජ්‍ය, රාජ්‍ය නොවන, විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවේදීන්, මාධ්‍ය ප‍්‍රධානීන් මේ සඳහා දක්වන්නා වූ කැපවීම, අනුග‍්‍රහයට, පරිත්‍යාගශීලීභාවයට සිය ස්තූතිය ද මෙහිදී පුදකළේය.