මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ දුෂණ වංචා පිළිබඳ ඕනෑම අයකුට දැනුම් දිය හැකි වන පරිදි විශේෂ එ්කකයක් ලබන සතියේ පිහිටුවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එ් වෙනුවෙන් විශේෂ දුරකතන අංක, ෆැක්ස් අංක ද හඳුන්වාදෙන බව හෙතෙම කියාසිටියි.

මෙම ව්‍යාපෘතිය තුළ කිසියම් හෝ දුෂණයක්, වංචාවක් සිදුවන්නේ නම් එම එ්කකයට දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවට කියා සිටියේය.

හෙතෙම මේ බව දැනුම් දුන්නේ මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතියේ ජලය රැඳවුම්, උමං ඉදිකිරීම් ආරම්භ කෙරෙන මංගල්‍යයට මීට ටික වේලාවකට පෙර සහභාගි වෙමින් ජනතාව අමතමිනි.

”මේ විශ්වාසය කඩන්න එපා. මෙහි රුපියලක් වුණත්, කෝටියක් වුණත් හොරකම් කළොත් එය ජාතියේම, පරම්පරා ගණනාවකම සාපයට ලක්වෙනවා” යැයි ද ජනාධිපතිවරයා කීය.