තායිලන්තයේ ගුහාවක සිරවී සිට දින 18කට පසු නිරුපද්‍රිතව බේරාගැනුණු දරුවන් තාවකාලිකව මහණ කරවීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඔවුන් ඊයේ තායිලන්තයේ පැවැත්වෙන බෞද්ධ උත්සවයකදී හිස බූ ගා අදාළ පිළිවෙත් සඳහා සූදානම් කළ බවට ද වාර්තා පළවිය.

ගුහාවෙන් බේරාගැනුණු පසු ඔවුන් සතියක කාලයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ අතර ඉන්පසුව දින කිහිපයක් විනෝදයෙන් කල්ගෙවීමට සලස්වා එක් වරක් පමණක් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව දී තිබුණි.

ඉන්පසුව සාමාන්‍ය ජීවිතයට ඔවුන් යොමුකිරීමට පෙර තාවකාලික මහණදම් පිරීමට යොමුකොට, විහාරයක කල්ගෙවීම වඩාත් යහපත් මානසික තත්තවයකට ඔවුන් රැගෙන යනු ඇති බවට එරට ජනතාවගේ පවතින විශ්වාසය මත මෙම තීරණය ගෙන තිබේ.

මෙම දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ වඩාත් අවධානය යොමුකරන තායි බලධාරීන් එම දරුවන්ට හා පවුලේ අයට මාසයක පමණ මාධ්‍ය තහනමක් ද පනවා තිබුණි.

ගුහාවේ නිරාහාරව ගෙවී ගිය සති දෙකකට වැඩි කාලය පුරා මෙම දරුවන් අධ්‍යාත්මික සුවතාව පවත්වාගෙන යමින්, ශක්තිය ඉතිරි කරගනිමින්, බලාපොරොත්තුවක් ඇතිව ජීවත් කරවීමට ඔවුන් ලවා භාවනා කරවමින්, ඔවුන් බේරාගන්නා තෙක් රැුකබලා ගත්තේ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු වන එකපොල් ය.

ඔහු වසර 12ක් මහණදම් පිරූ අයෙකි.

thai thai 5