පාතාල කල්ලි සාමාජිකයකු වන අශාන් කුමාර හෙවත් රත්තා නමැත්තා අද ජාඇල දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ බළකා නිලධාරීන් විසිනි.

මොහු සන්තකයේ තිබී අත්බෝම්බයක් හා හෙරොයින් ග්‍රෑම් 8.450ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කොට්ටාශයට සැක්කරු භාරදී වැඩිදුර විමර්ශන කරන බව පොලිස් මූලස්ථානය පැවැසීය.