බැංගලෝරයේ සිට අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙරටට ගෙනා විදේශිකයාගෙන් ඒවා ලබාගෙන රට පුරා බෙදාහැරි ලාංකිකයකු නාරාහේන්පිට දී අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු 37 හැවිරිදි කිඹුලාවල පදිංචිකරුවෙකි.

ඊයේ කටුනායක දී අත් අඩංගුවට ගැනුණු විදේශිකයාගෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන මොහු විසින් රට පුරා බෙදාහරින බවට අනාවරණය වී ඇත.

විදේශිකයා අත් අඩංගුවට ගැනුණේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් ද සමගිනි.