16 වන ශතවර්ෂයේ මද්‍යසාර හෙවත් අපට තේරෙන භාෂාවෙන් කිවහොත් Alcohol  ප‍්‍රධාන වශයෙන්ම භාවිත කරනු ලැබුයේ වෛද්‍යමය කටයුතු සඳහා පමණි. කි‍්‍රස්තු පූර්ව 7000 දී පමණ චීනයේ මද්‍යසාරයන්ට සමාන පාන වර්ග භාවිත කර ඇති බවට මේ වන විට සාක්‍ෂි ලැබී ඇත. මීට අමතරව අප රටට බොහෝ සෙයින් නෑකම් කියනු ලබන ඉන්දියාවේ කි.පූ. 3000 දී සහ 2000 යන කාලපරාසය අතර සහල්වලින් පෙරන ලද ”සුරා” (ඉන්දියානු මද්‍යසාර වග_යකි* ඉන්දියානුවන් විසින් භාවිත කළ බවට සාක්‍ෂි හමු වී ඇත. මෙම අතීතය පසු කරත්ම 18 වන සියවසේ දී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පනතක් මගින් ධාන්‍යවලින් පෙරන ලද මද්‍යසාර සඳහා වැඩි නීතිමය ඉඩකඩක්  සලසා දෙනු ලැබීය.

1920 වර්ෂයේ තවත් රැුඩිකල් පියවරක් ඉදිරියට තබමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මත්වන මත්පැන් නිෂ්පාදනය, විකිණීම සහ ආනයනය අපනයනය තහනම් කළ ද එය වෂ_ 1933 වන විට ඉවත් කිරීමට සිදු විය.
මද්‍යසාර භාවිතයේ ඉතිහාසය මෙතරම් වූ  ඈත අතීතයකට දිව ගිය ද ඉන් මිනිසා වෙත ලැබුණු සෙතක් නම් නොමැත.

එලෙස යම් දෙයක් ලැබූයේ නම් ලැබුණේ මද්‍යසාර භාවිතයේ දී ලද නිර්භීත බව Dutch Courage පමණකි. වෂ_ 2016 වන විට ලංකාවේ එක් පුද්ගලයෙකු භාවිත කරනු ලබන මත්පැන් ප‍්‍රමාණය යුරෝපීය පුද්ගලයකු හා සැසඳීමේ දී පස් ගුණයකින් වැඩි බවට තොරතුරු අනාවරණය වී ඇත. ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ලක්‍ෂ 60ක් පමණ මද්‍යසාර භාවිත කරනු ලබන අතර තවමත්  80% ක ප‍්‍රමාණයක ජනතාව මද්‍යසාර භාවිත නොකරන බව හෙළි වී ඇත.
මෙම කරුණු පිළිබඳව සලකා බැලීමේ දී ලංකාවේ බහුතරයක් ජනතාව මද්‍යසාර භාවිතයෙන් ඈත් වුවද, මද්‍යසාර භාවිත කරනු ලබන පිරිස විසින් සෙසු පිරිසට ද හරියන ලෙස මද්‍යසාර භාවිතයේ නියැළෙන බව නම් පැහැදිලිය.

මෙම මද්‍යසාර පිළිබඳව අප සමාජය  තුළ වඩාත් කතාබහට ලක් වූයේ, පසුගිය සතියේ දී සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වූ කුඩා දරුවකු හට පියෙකු විසින් මත්පැන් පොවන වීඩියෝවත් සමගිනි. මෙම වීඩියෝව පිළිබඳව ද සදාචාරාත්මක විවේචනයක් ලියුම්කරුට ඇති නමුත් එය මෙම ලිපියේ අරමුණ නොවන බැවින් සඳහන් නොකරමි.

මෙම වීඩියෝ දර්ශනය මාධ්‍ය වෙත නිකුත් වීමෙන් අනතුරුව බොහෝ පිරිස් මේ පිළිබඳව අප‍්‍රසාදය පළ කළ ද මෙහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොතිබෙන බව පෙනෙන්නට ඇත. අප බොහෝ ස්ථානවලදී අවුරුදු 18ට අඩු ළමුන් සඳහා මත්පැන් සහ සිගරට් බීම තහනම් බවට වූ ප‍්‍රදර්ශන පුවරු දැක ඇත. මෙහි නීතිමය පසුබීම පිළිබඳව අප තුළ අවබෝධයක් නොමැති බව පෙනෙන්නට ඇත.

මෙම බීමත්ව කරනු ලබන කි‍්‍රයා සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහාම වෂ_ 1979 අංක 41 දරන බීමත්ව කරන ලද වැරදි පිළිබඳ (විශේෂ විධිවිධාන* පනත නමින් නීතියක් අප රට තුළට හඳුන්වා දී ඇති බව බොහෝ දෙනකු දන්නේ නැත. මෙම පනත 2008 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් ද සංශෝධනයට ලක් කරමින් බීමතින් සිටින අය සිදු කරන වැරදි සඳහා වඩාත් පැහැදිලි දඬුවම් සහිත නීතියක් සකසා ඇත.

මෙම පනතෙහි දෙවන වගන්තිය අනුව බීමතින් යම් තැනැත්තකු ප‍්‍රසිද්ධ ස්ථානයක අනෙකුත් පුද්ගලයන්ට කරදරයක් වන අයුරින් හැසිරෙනවා නම් එවැනි බීමත් අයකු මෙම පනත යටතේ වරදකරුවකු විය හැක. එහිදී මෙම පනතෙහි මෙම වගන්තිය මගින් අප සමාජයේ බොහෝ සෙයින් බීමත් පිරිස් විසින් කරනු ලබන වැරදි ආවරණය කරන බව මේ අනුව පැහැදිලිය.
kasun
අපගේ වීඩියෝ දර්ශනයට අදාළ සිද්ධියේ නීතිමය පසුබීම ගත් විට ඉහත පනතෙහි 4 වැනි වගන්තිය සෘජුව අදාළ වන බව පැහැදිලිය. එනම් එම වගන්තියේ දැක්වෙන පරිදි යම් පුද්ගලයකු,වයස අවුරුදු 12කට අඩු  ඕනෑම අයකුට මද්‍යසාර ලබා දෙයි නම් එම පුද්ගලයා මෙම පනත යටතේ වරදකරුවකු වේ. එහිදි වසරක හෝ වසර 2ක සිරදඬුවමක් සහ රුපියල් 1500/-කට නොඅඩු සහ රුපියල් 3500/-කට නොවැඩි දඩ මුදලක් යන දඬුවම් පැනවීමේ හැකියාව පවතී.

තවදුරටත් මෙම පනත දරුවන් සම්බන්ධව බීමතින් කරනු ලබන වැරදි කෙරෙහි අවධානය යොමු කර ඇත. එහිදී  එම  පනතෙහිම 5 වැනි වගන්තිය ඒ පිළිබඳව සපයාගත හැකි කදිම නිදසුනකි. එහි දක්වා ඇති අන්දමට  වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකුට යම් අයකු මත්පැන් විකුණනු ලැබුවහොත්් මාසයක කාලයක සිට අවුරුදු 2ක් දක්වා කාලයකට අනිවාර්යයෙන්ම බන්ධනාගාරගත කිරීමකට යටත් කළ යුතුය. ඊට අමතරව රුපියල් 2000/- සිට රුපියල් 5000/- දක්වා දඩයකට යටත් කිරීමට හැකියාව පවතී. තවද, යම් අවස්ථාවක වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු සන්තකයේ තිබී මද්‍යසාර පොලිස් නිලධාරියකු විසින් සොයා ගනු ලැබූ විට එම මද්‍යසාර තමා භාරයට ගෙන අධිකරණ නියෝගයක් මත විනාශ කළ යුතු වේ.

මේ අනුව කුඩා දරුවකුට පමණක් නොව වයස අවුරුදු 18ට අඩු  ඕනෑම අයකුට වුවද මද්‍යසාර හෝ මත්පැන් ලබාදීමේ ප‍්‍රතිවිපාක නීතියට අනුකුලව ඉතා දැඩිය. මෙය සමාජගත කිරීම අප දරුවන් මත් රකුසන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට හැකි හො`දම ක‍්‍රමය ලෙස ගත හැකිය.

වත්මන් රජයේ සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් ලෙසට කි‍්‍රයාවේ යොදන මතට තිත සංකල්පය වඩාත් සාර්ථක කර ගත හැක්කේ ඒ පිළිබඳ ඇති නීතිය පිළිබඳව ද මනා අවබෝධයක් ජනතාව වෙත ලබා දීමෙනි. එවිට ජනතාව තම බලය නොබියව දරුවන් ආරක්‍ෂා කරගැනීම කෙරෙහි යොදවනවා ඇත. වර්තමානයේ දරුවන් පිටස්තර අයගෙන් ආරක්‍ෂා කිරීමට වඩා සිදුව ඇත්තේ තම පවුලේම සාමාජිකයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමයි.

මෙය විස්තීර්ණ වූ  විකෘති සමාජයක ඛේදනීය ප‍්‍රතිඵලයකි. සුද්දා විසින් හඳුන්වා දුන් මද්‍යසාර භාවිතය ඔවුන් විසින්ම අතහැර දමමින් හෝ පාලනයකට ලක් කරමින් සිටී. නමුත් අප එය දේවත්වයෙහි ලා තබමින් ගෞරවාන්විතව සිංහ සෙයියාවෙන්  භාවිත කරමින් අපගේ මතු පරපුරට ද මහානර්ඝ තිළිණයක් ලෙස දායාද කිරීම තුළ ජාතියක් සහ රටක් ලෙස අපගේ මිනීවළවල් පමණක් නොව මතු පරපුරෙහි මිනීවළවල් කපා අවසන් කොට ඇති බව නොතේරීමම අප සමස්ත සමාජයේම අවසානය නොවේදැයි කාට කිව හැකි ද ?