වීර්යවන්තවීමේ රේඛා කෙනකුගේ ජීවිතයේ  ඕනෑම කාලයක මතුවිය හැකියි. ඊට හේතුව වන්නේ මෙම රේඛා මතුවීමට මානසික තත්ත්වයෙහි වෙනස්වීම අනිවාර්ය කරුණක් නිසා. කෙනකු තමන්ගේ සිතුවිලි වෙනස්කරමින් තමන්ගේ ක‍්‍රියා වෙනස්කරනවා නම් එම පුද්ගලයන්ගේ අල්ලෙහි රේඛා වෙනස්වීම සාමාන්‍ය ස්වභාවයක් වෙනවා. ‘භාරත හස්ත රේඛා ශාස්ත‍්‍ර’ පොතෙහි ආචාර්ය කිංස්ලි ගුණතිලකයන් පෙන්වා දෙන්නේ මෙම රේඛා ‘සංගෝඩි රේඛා වශයෙන්. මෙම රේඛා පැවතීම මගින් පුද්ගලයන් තුළ පවතින උත්සාහවන්ත භාවය පෙන්නුම් කරනවා. ඒ වගේම එක් එක් රේඛා මතුවන කාල වකවානුවලදී නව ඉලක්කයන් තබා ගැනීම මෙන්ම එම ඉලක්කයන් හඹා යාමට කටයුතු කිරීමද දක්නට ලැබෙනවා.
kasun-samarakon
ඔබට පළමුවන රූපයෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ ප‍්‍රසිද්ධියට පත් වූ කාන්තාවකගේ අතක්. ඇගේ අතෙහි පැහැදිලිවම වීර්යවන්ත වීමේ රේඛාවක් දක්නට ලැබෙනවා. රතු පැහැයෙන් දැක්වෙන රවුම තුළ ජීවන රේඛාවෙන් මතුවී ඉහළට නගිනා රේඛාව වීර්යවන්ත වීමේ රේඛාව වශයෙන් හ`දුන්වන්න පුළුවන්. මෙම අතෙහි වීර්යවන්තවීමේ රේඛා දෙකක් වයස 21 සහ 23 යන කාලවලදී මතුව තිබෙනවා. නමුත් වයස අවුරුදු 31දී ඉහළට මතුවී ඇති රේඛාව හරහා පෙන්නුම් කරන්නේ ඇයගේ ජීවිතයේ විශේෂ සිදුවීම් ගණනාවක්. එම කාල වකවානුව තුළ සිදු වනවා. එනම් ඊට පෙර ඇය සිටි ක්ෂේත‍්‍රය වෙනස් කරන අතර ඇය නිදහස් කලා ශිල්පිනියක් බවට පත්වනවා. ඒ අනුව ඇයගේ ජීවිතයේ සුවිශේෂීම කාල වකවානුවක් මෙම ඉහළට නගින වීර්යවන්තවීමේ රේඛාව හරහා පෙන්නුම් කරනවා. ඔබ තවදුරටත් පරීක්ෂාකාරීව බැලූවිට වැටහෙන කාරණයක් වන්නේ ඇයගේ වයස 52 දී සහ 55 දී ගන්නා තවත් තීරණ දෙකක් හරහා යහපත් ලෙස ඇගේ ජීවිතය වෙනස් වන බවයි.

දෙවන රූපයෙන් පෙන්නුම් කරන්නේ ඉතාමත්ම උත්සාහයෙන් ක‍්‍රියා කරනා තරුණයකුගේ අතක්. මෙම පුද්ගලයාගේ අතෙහි සටහන ඒවා තිබුණේ ඔහු අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටියදී. ඒ අනුව පරීක්ෂා කරන ලද කරුණු අනුව පෙන්නුම් කළේ මෙම පුද්ගලයාට ඉතා ඉහළ ආත්මශක්තියක් පවතින බවයි. අවුරුදු 28 දී ගනු ලබන තීරණයක් හරහා මොහුගේ ජීවිතය යහපත් ආකාරයෙන් වෙනස්වන බව පෙන්නුම් කරනවා. කළු පැහැ රවුම තුළ ජීවන රේඛාවෙන් ඉහළට නගින මෙම වීර්යවන්ත වීමේ රේඛාව හරහා මේ බව පැහැදිලි වෙනවා. ඒ වගේම මොහුගේ අතෙහි ජීවන රේඛාව සහ චිත්ත රේඛාව අතර පරතරයක් පැවතීම හරහා පෙන්නුම් කරන්නේ මොහු තමන්ගේම උත්සාහයෙන් ඉහළට යන පුද්ගලයෙක් බවට පත්වන බවයි.

ඇතැම් පුද්ගලයන්ගේ අත්වල වීර්යවන්ත වීමේ රේඛා කිහිපයක් පවතින අතර ඇතැම් අයගේ පවතින්නේ එකක් පමණයි. වීර්යවන්තවීමේ රේඛා එකක් හෝ දෙකක් පැවතීමම කෙනකුගේ ඉහළ උත්සාහය හ`ගවන්නක් වනවා. ඒ වගේම වීර්යවන්තවීමේ රේඛා ගණනාවක් පැවතීම හරහා නොනවතින උත්සාහයත් සමග කටයුතු කරන කෙනෙක් බව පෙන්නුම් කරනවා. වීර්යවන්ත වීමේ රේඛා තමන්ගේ උත්සාහය සහ උනන්දුව වැඩිවීම අනුවද මතුවන බව අත්දැකීමෙන් වටහාගෙන තිබෙනවා. ඔබගේ දියුණුව මනසේ උත්තේජනයන් හරහා සිදුවන අතර ඒ බව අතෙහි රේඛා සටහන් තබනවා.