ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවන ටෙස්ට් තරගය කොළඹ එස්එස්සී ක‍්‍රීඩාපිටියේ දී මේ වනවිට පැවැත්වේ.

ප‍්‍රථ්මයෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 31ක් රැුස් කරගෙන ඇත.

කි‍්‍රයාත්මක වෙන්නේ තරගයේ 8 වැනි පන්දු වාරයයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 21කට මුහුණ දී ලකුණු 15ක් රැුස් කරගෙන ඇති අතර දිමුත් කරුණාරත්න පන්දු 25කදී ලකුණු 12ක් රැුස් කරගෙන තිබේ.
කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

අද තරගය ද වේගපන්දු යවන සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් ක‍්‍රීඩා කරයි.

ගාල්ලෙදී පැවැති ප‍්‍රථම ටෙස්ට් තරගය විශිෂ්ට ජයක් ලබාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ මානසිකත්වයකින් මෙම තරගයට මුහුණ දෙන බව නායක සුරංග ලක්මාල් පවසයි.

භක්ති මෙන්ඩිස්