ශ්‍රී ලංකාව හ දකුණු අප්‍රිකාව අතර පසුගියදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩාංගනයේ පිටත සිටින ප්‍රේක්ෂකයන්ට සජීවීව නැරඹීමේ අවස්ථාව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මැදිහත්වීමෙන් ලබාදී තිබිණි.

එම තරගය ජුලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ ද අනපේක්ෂිත ලෙස දින තුනකදී තරගය අවසන් වූයේ ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයග්‍රහණයක් සහිතවය.

එසේවුවත් ක්‍රීඩා ලෝලීන්ගේ මනදොල පිනවීමේ පිරිසිදු උවමනාවෙන් කටයුතු කළ සිංගර් ශ්‍රී ලංකා සමාගම ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්වීමෙන් ඇතිවූ හිඩැස ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පියවන්නට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සතුටින් භුක්ති විඳින අතරේම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ගාලු කොටුව අසලට වී නැරඹීමේ අවස්ථාව ද ශ්‍රී ලාංකිකයින්ට හිමිවිණි.