තායිලන්තයේ ගුහාවක දින 18ක් සිරවී සිට නිරුපද්‍රිතව මුදාගැණුනු ළමා පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු පළමුවරට ඊයේ සිය අත්දැකීම් හෙළිකර තිබේ.

මාධ්‍ය වෙත මෙම අදහස් මුදාහැරුණද මාසයක්වත් ගතවනතුරු එම දරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට මාධ්‍ය සමඟ සම්බන්ධ වීම මනෝ වෛද්‍යවරුන් විසින් තහනම් කර තිබේ.

ගුහාවට ගොස් ඇත්තේ පැයක චාරිකාවක් සඳහා සිරවූ පසුව ඉන් පිටතට පැමිණීමට උත්සහ ගත් බව ඔවුන් පවසා තිබුණි.

ගුහාවට ජලය පිරීම නිසා ඔවුන් කවුරුන් හෝ තමන් ගලවා ගන්නා තෙක් පුහුණුකරුගේ උපදෙස් පරිදි වැලි සහිත උස් ස්ථානයක් තෝරා ගත් බවද පවසා ඇත.

ගුහාවේ ජලය පිරිසිදු බවත් ඒවා භාවිතයට ගත් බවත් පවසන මෙම දරුවන් ආහාර ගැන නොසිතා සිටීමට කටයුතු කළ බවද සඳහන් කර තිබේ.

තම්න්ට කිසිඳු බියක් නොතිබු බවත් කවුරුන් හෝ විසින් තමන් සොයාගන්නා තෙක් ප්‍රවේසමෙන් සිටීම පමණක් අරමුණ වූ බවද ඔවුහු පැවසූහ.

පුහුණුකරුගේ සහයෙන් සෑම දිනකම බුද්ධ දර්ශනයේ ගුණ සිහිකර භාවනා කළ බවද ඔවුන් කියා තිබේ.

ඔවුන් ගලවාගැනීමේදී මියගිය විදේශීය කිමිදුම්කරුගේ පැන්සලෙන් අඳින ලද ඡායාරූපයක් ඔවුන් විසින් මෙහිදී ඉදිරිපත් කළ අතර ඔහු සිහි කරමින් නිශ්ශබ්දතාවක ද නිරත විය.

thai 4 thai 2 thai 1