අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව ඥාතීහු දන්වා සිටිති.

පෞද්ගලික රෝහලකදී ඒ මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය.

ප්‍රකට නීතිවේදියකු, දේශකයකු, ලේඛකයකු හා සමාජ විශ්ලේෂකයකු වූ ඒ මහතා මියයන විට 74 වැනි වියේ පසුවිය.

ජනප්‍රිය ගුවන්විදුලි ශිල්පිනි අයිරාංගනි වර්ණකුලසූූරිය මහත්මියගේ සැමියා වන වර්ණකුලසූරිය මහතා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩියද වේ.

ඒ මහතා ජනප්‍රිය ගායන ශිල්පී දිවංගත, එච්.ආර්. ජෝතිපාල මහතාගේ මස්සිනාද වෙයි.

දේහය මේ වනවිට කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 47 හි පිහිටි නිවෙසේ තැන්පත් කර ඇත.