ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රිඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කරමින් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තා.

මේ සඳහා දිමුත් පන්දු 161කට මුහුණදුන් අතර දැවැන්ත 6 පහරක් සහ මනරම් 4 පහර 10කින් සිය ඉනිම වර්ණවත් කළා.

දිමුත්ගේ ටෙස්ට් තරගයක සාමාන්‍යය 34.63ක් වන අතර අර්ධ ශතක 14ක් ලබා ඇති ඔහු ඉනිමකදී ලකුණු 196ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම තරගයේ ලකුණු 205ක් ලබා ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 8ක් බිඳ වැටී දිමුත් සමඟ රංගන හේරත් මේ වනවිට කඩුල්ලේ රැඳී සිටිනවා.
භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්