තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයූත් චාන් ඕ-චා මහතා නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.
එ් දෙදින නිල සංචාරයක් සඳහායි.

අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, රවීන්ද්‍ර සමරවීර, වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී අද පස්වරුවේ ඔහු පිළිගනු ලැබූහ.

තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුර මෙරට ඉහළ පෙළේ බලධාරීන් රැසක් සමඟ සාකච්ඡවට නියමිතය.

තායිලන්තයේ ගුහාවක සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුම සිදුවූ දිනවල තායිලන්ත අගමැතිවරයා ද ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිට අවශ්‍ය නියෝග වහා දී තිබුණි.

එමෙන්ම ගුහාවේ මෙහෙයුම පිළිබද නිල ප‍්‍රකාශ කිරීම සඳහා වරින් වර මාධ්‍ය අමතනු ද දැකිය හැකි විය.