ළමා පාපන්දු කණ්ඩායම හා පුහුණුකරු සිරවී සිට දින 18කට පසු දිවි බේරාගත් තායිලන්ත ගුහාව කෞතුකාගාරයක් බවට පත්කිරීමට ඉඩ ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම මෙම කතාව සිනමාපටයක් ලෙසින් නිර්මාණය කිරීමට ද සමාගම් දෙකක් මේ වනවිට තීරණය කර තිබේ.

කෙසේනමුත් කෞතුකාගාරයට වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බව අනාවැකි පළ කෙරේ.