ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ අද පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 5කට ලකුණු 124ක් ලබා අසීරු අඩියකට පත්ව ඇත.

තරගය ආරම්භයේදී ඉතා හොඳ ලකුණු තත්ත්වයක් ලබාසිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම අන්තිම ලකුණු 23 ලබාගනිමින් කඩුලූ 3ක් බිඳ වැටීම කණ්ඩායමේ පසුබෑමට හේතුවූ බව ක‍්‍රකට් විචාරකයෝ පවසති.
ආරම්භක පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න තරගයට යම් ජවයක් දෙමින් ලකුණු 26ක් සහ 80ක් ලබාගත්තේ ය.

දිමුත්ගේ ලකුණු 80 පන්දු 102කදී වාර්තා වූ අතර 4 පහර 7ක් සහ දැවැන්ත 6 පහරක් එයට අන්තර්ගත විය.
ධනුෂ්ක ගුණතිලක තරමක් ප‍්‍රවේගකාරී පිතිහරඹයක යෙදෙමින් පන්දු 36කදී ලකුණු 26ක් වාර්තා කරගත් අතර එයට 4 පහර 4ක් ඇතුළත් විය.

මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල තරගයට ජවයක් එක් කරනු ඇතැයි කි‍්‍රකට්ලෝලීන්ගේ අපේක්ෂාවයි.

භක්ති ධර්මප‍්‍රිය