බුත්තල, පැල්වත්ත ප‍්‍රදේශයේ පිහිටි මූලගිරි රාජමහා විහාරස්ථානයේ හිටි පිළිමයේ ශීර්ෂය බිඳ එහි තැන්පත් කර තිබූ ලෝහ කොටස් කොල්ලකෑ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එ් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් බුත්තල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුවයි.

සැකකරු ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

පිළිම සෑදීමේදී තැන්පත් කරන ලද ලෝහ කැබලි සොරකම් කර වැල්ලවාය ප‍්‍රදේශයේ පිහිටා ඇති රන් භාණ්ඩ වෙළෙදසලක් වෙත රුපියල් 30000 මුදලකට අලෙවි කර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර ඇත.

පසුව පොලිසිය විසින් එම නිදන් වස්තු වෙලදසැලේ තිබී සොයාගෙන ඇත.

නිදන් වස්තුව විකුණා ලබා ගත් මුදලින් රුපියල් 10000ක් මත්පැන් පානය කිරීමට සැකකරු වියදම් කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

උමංග බණ්ඩාර

mulagiri temple