අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ ලිංගික සබඳතා පැවැත්වූ බව කියමින් පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ නිල් චිත‍්‍රපට නිළියක වන ස්ටෝර්මි ඩැනියෙල් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ඔහියෝහි කොළොම්බස් ප‍්‍රදේශයේ පිහිටි නිරුවත් රංගන සමාජශාලාවකදී සිය අනුග‍්‍රාහකයා සමග නිරුවත් රංගනයේ යෙදෙන අතරතුර ‘අලිංගික අයුරින් ස්පර්ශ කළ’ බවට පැමිණිලිකරුගේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවක දැක්විණ.

මෙය මුළුමනින්ම දේශපාලන පළිගැනීමක් බවත් මෙම ව්‍යාජ චෝදනාවට එරෙහිව පියවර ගන්නා බවත් ඇයගේ නීතිඥවරයා පවසා තිබේ.

කෙසේවෙතත් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට බරපතළ අපරාධ නීතිය යටතේ නොව, බරපතළ නොවන ‘නඩු පැවරිය නොහැකි’ නීතිමය තත්ත්වයක් යටතේයි.

ඇයට ඇප ලබාගැනීම සදහා මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් අද දිනය තුළ ඇප ලබාගැනීමට හැකිවෙතැයි ද නීතිඥවරයා පවසා තිබේ.

trump stormy