පිඩිලයිට් ලංකා (පුද්.) සමාගම විසින් අතිනවීන මැලියම් නිෂ්පාදනාගාරයක් පොල්ගහවෙල දී පසුගියදා ආරම්භ කර කළේ ය.

පිඩිලයිට් ලංකා (පුද්.) සමාගම, ආසියාවේ ප්‍රමුඛතම මැලියම් සහ ඉදිකිරීම් කේෂ්ත්‍රය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක් වන Pidilite Industries Limited හා Alliance Finance සමාගම සම්බන්ධ සමූහ ව්‍යාපාරයක් වන Macbertan Holdings හා Macbertan Pvt Ltd අතර 2015 වසරේදී පිහිටුවා ගන්නා ලද බද්ධ ව්‍යාපාරයකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ  ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, පිඩිලයිට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා,  මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහ තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

මෙම උත්සවයේදී අදහස් දක්වමින් ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා කියා සිටියේ පිඩිලයිට් සමාගම නව රැකියා අවස්ථා,  ආයෝජන අවස්ථා, නව තාක්ෂණය, නවෝත්පාදන සහ නිපුණතාවලට ඉඩ සලසමින් ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකා ආර්ථිකය නංවාලීමට දායක වීම සතුටට කරුණක් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. මෙවැනි  ව්‍යපෘති මඟින් ගෝලීය සැපයුම් සහ වටිනාකම් දාම සඳහා ශ්‍රී ලංකාවට නව මංපෙත් විවර වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම නව කර්මාන්තශාලාව විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් භාරත් පූරි මහතා මෙසේ පැවසීය. “වසර 11 කට පෙර ශ්‍රී ලංකාවේ පිඩිලයිට් සමාගමේ ගමන ආරම්භ විය. මෙම ආයෝජනය ශ්‍රී ලංකා වෙළෙඳපොළට අපගේ කැපවීමේ සාක්ෂියකි. අක්කර හතරක භූමි ප්‍රමාණයක පිහිටා ඇති සම්පුර්ණයෙන්ම කසල වලින් තොර මෙම නිෂ්පාදනාගාරය පළමුව Fevicol සන්නාමය යටතේ මැලියම් නිෂ්පාදනය කරනු ඇති අතර පසුව අපගේ අනෙකුත් නිෂ්පාදනද නිපදවීම ආරම්භ කරනු ඇත.”