ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහ සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

මෙම තරගයේ නායකත්වය දරන්නේ වේගපන්දු යවන සුරංග ලක්මාල් ය.
ඔහුට මෙම තරගය විශේෂත්වයක් වන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සුරංග ලක්මාල් ගාලු ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනය බොහෝ හුරු පුරුදු ස්ථානයක් බැවිනි.
දෙරට අතර පැවැති පුහුණු තරගය හො`ද තරගයක් වූ අතර කණ්ඩායම් දෙකේම විත්තිකරුවන් පන්දු යවන්නන් දක්ෂතා අතර සිටිනු දැකගත හැකිය.

මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් සදහා එක්වන්නේ වසර 4කට පසුවයි.

ටෙස්ට් තරගවල 6 වැනි ස්ථානයේ පසුවන ශ‍්‍රී ලංකාව ද මෙවර දකුණු අප‍්‍රිකානු වේගපන්දු යවන්නන්ට හො`දින් මුහුණදෙනු ඇතැයි කි‍්‍රකට් විචාරකයෝ පවසති.

ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සාර්ථකව නිම කර ශ‍්‍රී ලංකා කණ්ඩායම එහිදී වේගපන්දු අරින්නන් හමුවේ ඉතා හො`දින් තරග කළ අතර ශ‍්‍රී ලංකා වේගපන්දු යවන්නන් ද එහිදී කඩුලු අතරට පැමිණීම අද පැවැත්වෙන තරගයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්