නීතිවිරෝධී ලෙස දිවයිනට පැමිණි සියෙරාලියෝන් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගුවන් තොටුපළ රහස් පොලිස් නිලධාරීන් විසිනි.

මොහු විදේශ ගමන් බලපත‍්‍රයක් මගින් නීත්‍යනුකූල නොවන ආකාරයට පැමිණීම නිසා මොහු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කානු ඇලමමි නමැති 37 හැවිරිදි අයෙකි.

සැකකාර විදේශ ජාතිකයා අද දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.