ලෝක ශූරතා කනිෂ්ට මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන අද සමත් වුණා. එ් තත්පර 46යි දශම 81ක දක්ෂතාවක් දක්වමිනි.

ලෝකයේ ප‍්‍රබල රටවල් රැුසක ක‍්‍රීඩකයන් සමඟ උරිනුර ගැටෙමින් අරුණ දර්ශන මෙම දක්ෂතාව දැක්වීය.

අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ ශිෂ්‍යයකු වන අරුණ දර්ශන ඉකුත්දා නිමාවූ ආසියානු කනිෂ්ට මලල ක‍්‍රීඩා තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කමට උරුමකම් කීවේ නව වාර්තාවකට ද හිමිකම් කියමිනි.

පින්ලන්තයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී අරුණ දර්ශන හෙට රාත‍්‍රියේදී අවසන් පූර්ව තරගයට සහභාගි වේ.

භක්ති මෙන්ඩිස්