මත්කුඩු ජාවාරමට එරෙහිව මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.

අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ කැබිනට් හමුවට එක්වෙමින් කැබිනට් සම ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

මත්කුඩු ඡුාවාරමේ නියැලී සිටින දැනට වැරදිකරුවන් වී බන්ධනාගාරවල සිටින හා නැවත නැවතත් එම ඡවාරමට වැරදිකරුවන් වු පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වමින් පවසා තිබේ.

එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් වහාම සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.