දිවයින පුරා ඇතැම් ප‍්‍රදේශවලට බලපෑ තද සුළගින් වැඩිම බලපෑම් සිදුවු කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස 153කට හානි සිදුවී තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ දෙහිවල, හෝමාගම, රත්මලාන, පිළියන්දල, මහරගම, කැස්බෑව, මොරටුව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක නිවාස මේ හේතුවෙන් හානි වී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේ ද දිවයින පුරා බොහෝ ප‍්‍රදේශවලට පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් දැඩි සුළං බලපෑ හැකි බවයි.

එමෙන්ම මධ්‍යම, සබරගමුව, බටහිර ප‍්‍රදේශවලට ද මිලිමීටර් 75කට අධික වැසි ඇදහැලෙනු ඇතැයි කාලගුණ අංශ පවසා තිබේ.