වයස අවුරුදු 3 හමාරක් වූ පෙරපාසල් දැරියක් අයුතු ලෙස ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් පාසල් වෑන් රථ රියැදුරකුට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියම කළේය.

නීතිපතිවරයා නගා තිබූ අධිචෝදනාවලට වැරදිකරු වූ ඔහු 73 හැවිරිදි අයෙකි.

අදාළ සිර දඩුවමට අමතරව රුපියල් 25000ක දඩයක් ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා සිද්ධියෙන් අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියම කළේය.
ඉෂාර රත්නකාර