කතුරකින් ඇන ගායන ශිල්පිනී පි‍්‍රයානි ජයසිංහ මහත්මිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ සැමියා මේ මස 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ජනප‍්‍රිය ගායන ශිල්පිනී පි‍්‍රයානි ජයසිංහ මහත්මිය පෙරේදා රාත‍්‍රියේදී සිය නිවසේ සිටියදී ඝාතනය කර තිබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉෂාර රත්නකාර