රත්නපුර ගල්ඇද ගෝල්ඩන් ග්‍රෝව් ශ‍්‍රී සම්බුද්ධාරාමයේ චීවරධාරියකුට වරෙන්තු භාරදීමට ගිය රත්නපුර පොලීසියේ නිලධාරියකු එම චීවරධාරියා විසින් ඝාතනය කර තිබේ.

අද දහවල් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පොලිස් සැරයන් සමරවික‍්‍රම මහතායි.

වරේන්තුව භාරදීමට ගිය පොලිස් නිලධාරියාට පහර දී පළමුවෙන් අත්බෝම්බයකින් දමා ගැසීමට චීවරධාරියා කටයුතු කර ඇත.

පසුව එය පිපිරීමක් සිදු නොවූ නිසා චීවරධාරියා විසින් පොලිස් සැරයන්වරයා බිමට ඇද දමා පහර දී ඝාතනය ලක්කර ඇත.

එම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

විහාරය තුළ තිබී කෙටේරි, කඩු, පොලු හා අත්බෝම්බ ද හමුවී තිබේ.

මෙම චීවරධාරියාට තවත් වරේන්තු ගණනාවක් ඇතැයි පොලීසිය පවසයි.

චමින්ද සේනාරත්න