මේ ඉන්දියාවේ පිහිටි එක්තරා ගම්මානයක්.
මේ ගම්මානයේ ඉන්න තරුණයන්ට විවාහ වීමේදී තරුණියගේ පාර්ශ්වයෙන් කොන්දේසියක් දමනවා.
එ් වැසිකිළියක් නොමැති නම් විවාහ වීමට නොහැකි බවයි.
එ් නිසා දෑවැද්ද දෙන එක තබා විවාහ වන එකට තරුණියන් එකඟ වන්නේත් තරුණයාට වැසිකිළියක් තිබේ නම් පමණයි.
ඉන්දියාව කියන්නේ වැසිකිළි නොමැතිව පවුල් ලක්ෂ ගණනින් ජීවත් වන රටක්.
වැසිකිළි කියන්නේ බොලිවුඞ් සිනමාවට පවා නිර්මාණ ලෙස පැමිණි ඉන්දියාවේ ඇති බරපතළම ගැටලූවලින් එකක්.
ඉන්දියාවේ වෙසෙන ජනගහනය බිලියන 1.3කට අධිකයි.
මෙම ජනගහනයෙන් වැසිකිළි ප‍්‍රශ්නය නිසා වැඩි වශයෙන්ම පීඩා විඳින්නේ කාන්තාවන්.
ඉන්දියානු කාන්තාවන්ට වැසිකිළි නොමැතිකම නිසා මළපහ කිරීමට යාම සඳහා හිරු බසින තුරු සිටින්නට සිදුවෙනවා.
ඉන්පසුව කුඩා වතුර බෝතලයක් ගෙන ළඳු කැලෑ ප‍්‍රදේශයකට හෝ නිවාස නොමැති කුඩා ඉඩක් හෝ ඇත්නම් එ් වෙත යාමට කතුන්ට සිදුවෙනවා.
එහෙත් එරට පිරිමින්ට නම් මේ දේට රැුයක් දවාලක් කියලා ප‍්‍රශ්නයක් නෑ.
කොහොමනමුත් මේ තත්ත්වය නිසා කාන්තාවන්ට සනීපාරක්ෂක ගැටලූවලට අමතරව තවත් බරපතළ අවදානම් රැුසකට මුහුණපාන්නට සිදුවෙනවා.
ලිංගික හිසන, සත්ව ප‍්‍රහාර සහ බැක්ටීරියා ආසාදන වැනි ගැටලූ.
මේ තත්වය නිසාම මේ ගම්මානයේ වැඩිහිටියන් එක්වී ගත් තීන්දුවක් වූයේ තම දියණියන් වැසිකිළියක් නොමැති කිසිදු පිරිමියකුට විවාහ කර නොදෙන බවයි.
2014 දී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ‘පිරිසිදු ඉන්දියාවක්’ ව්‍යාපෘතිය ආරම්භ කළා.
එහිදී මෝදි පොරොන්දු වී තිබුණේ ඉන්දියාවේ සනීපාරක්ෂක අර්බුදයට නිසැකවම විසඳුම් ලබාදෙන බවයි.
එ් 2019 වනවිට වැසිකිළි මිලියන 75ක් ඉදිකිරීමේ අරමුණ ඇතිවයි.
2014 ඉඳන් මේ වනතෙක් ඉදිකර ඇත්තේ වැසිකිළි මිලියන 60ක් පමණයි.
එහෙත් එ්වායිනුත් බොහොමයක් භාවිත කිරීමට නොහැකි තත්ත්වයේයි පවතින්නේ.
එ් එම වැසිකිළි ඉදිකර ඇත්තේ ජල සැපයුමක් නොමැතිව නිසා මෙන්ම අපවහන නළ සම්බන්ධ නොකිරීම නිසයි.
සරලව කිවහොත් වැසිකිළියක් ලෙසින් ඉදිකර ඇත්තේ බිත්ති 4කින් කොටුකිරීමෙන් පමණයි.
මෙම ප‍්‍රමාණය හෝ අගමැතිවරයා අරමුණු කරන වැසිකිළි ප‍්‍රමාණය ඉන්දියාවේ අවශ්‍යතාව සැපිරීමට තරම් කිසිසේත් ප‍්‍රමාණවත් නෑ.
පොදු වැසිකිළි භාවිතයේදීත් ඉන්දියානු කාන්තාවන්ට සංස්කෘතික බලපෑම්වලට මුහුණදෙන්නට සිදුවන නිසා එය ද විසඳුමක් වී නැහැ.
වැසිකිළි නොමැති ගැටලූව ඇත්තේ ඉන්දියාවට පමණක් නොවෙයි.
ලොව පුරා 60%ක් වැසිකිළි නොමැතිව ජීවත් වනවා.