කොටහේන ජම්පටාවීදියේ ඊයේ සිදුවූ ද්විත්ව ඝාතනය පිටුපස පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගේ සම්බන්ධතාවක් ඇති බවට සැකකළ හැකි තොරතුරු පොලීසියට ලැබී තිබේ.

ලෙයට ලෙය පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කර ඇති බවට විමර්ශකයන් වෙත කරුණු අනාවරණය වෙමින් පවතී.

කොටහේන ජම්පටා වීදිය සෙල්විගේවත්ත ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රී 8.15 ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබුණේ 58 හැවිරිදි සෙල්වයියා සෙල්වරාජ් සහ 50 හැවිරිදි එලිසබට් පෙරේරා නමැති අඹුසැමි යුවළයි.

ගයාන් කුමාර වීරසිංහ