කොළඹ නාගරික මන්ත‍්‍රී කි‍්‍රෂ්ණ පිල්ලෙයි තිරුබානන්දන්ගේ ඝාතනය මත්ද‍්‍රව්‍ය ආරවුලක ප‍්‍රතිඵලයක්දැයි පොලිසියට සැක මතුවී තිබේ.

ඝාතනයට ලක්වූ නාගරික මන්ත‍්‍රීවරයා පිළිබඳව ද මෑත කාලයේදී බුද්ධි අංශ විසින් අවධානයෙන් සිටි බවට තොරතුරු දැනගන්නට තිබේ.

අද උදෑසන පිටකොටුවේදී පලතුරු කඩයක සිටින අවස්ථාවක මන්ත‍්‍රීවරයාට කිසියම් අයකු විසින් යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇත.

සැකකරුවන් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

ගයාන් කුමාර වීරසිංහ