රුසියාවේ පැවැත්වෙන 21 වැනි ලෝක පාපන්දු කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා යුරෝපයටම අයත් රටවල් 4ක් පැමිණ තිබෙනවා.

ප‍්‍රංශය, බෙල්ජියම, ක්‍රොඑ්ෂියාවසහ එංගලන්තය මේ අනුව ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් සටන් වදිනවා.
ප‍්‍රංශය-බෙල්ජියම අතරත් ක්‍රෙඑ්ෂියාව-එංගලන්තය අතර උණුසුම් අවසන් පූර්ව තරග 2ක් දැකගත හැකි වනු ඇතැයි පාපන්දු විචාරකයෝ විදෙස් ප‍්‍රවෘත්ති සේවා පවසා තිබෙනවා.

මේ වනවිට පාපන්දු ලෝකයේ පතාක යෝධයන් ලෙස සැළකෙන රටවල් කිහිපයක්ම ශූරතාවලියේ ප‍්‍රථම වටයෙන්ම ඉවතට විසිවූයේ ලෝක පාපන්දුලෝලීන්ගේ බලාපොරොත්තු රැසක් බිඳහෙළමිනි.

මෙම කණ්ඩායම් අතරින් එංගලන්තය, ප‍්‍රංශය එක් වර බැගින් ලෝක කුසලාන ජයග‍්‍රහණය කර ඇති අතර බෙල්ජියම අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි දෙවැනි අවස්ථාවයි.

ක්‍රොඑ්ෂියාව අවසන් පූර්ව වටයට පැමිණි දෙවන අවස්ථාවයි.

භක්ති මෙන්ඩිස්