කොළඹ හෙට්ටිවීදියේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රිවරයකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණා පිල්ලෙයි ගිරුබානන්දන්‍ ය.

අද උදෑසන වෙඩි පහරකට ලක්වූ මන්ත්‍රිවරයා තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

මන්ත‍්‍රීවරයා ආදිවාල් වීදියේ හැරෙන හන්දිය අසල පලතුරු කඩයේ සිටියදී වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් බව පොලීසිය කියයි.

මියගිය මන්ත‍්‍රීවරයාගේ වයස අවුරුදු 40කි.