පෙර දැනුම් දීමකින් තොරව ඛනිජ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග මහතාට සිකුරාදා (06) උදෑසන දෝෂාරෝපණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මිල සූත්‍රය සකස් කර ඇත්තේ තමන් නොවන බවත් මුදල් අමාත්‍යාංශය විසින් බවත්ය. කවුරු මෙයට වගකිවයුතු වුවත් වහාම තෙල් මිල පෙර තිබූ මිලට පහත හෙළන ලෙස ජනාධිපතිවරයා ඇමැතිවරයාට සහ අදාළ අංශ වෙත නියෝග කර තිබේ. මේ අතර තෙල් මිල වැඩිකිරීමේ පණිවුඩය ලැබිමත් සමග තෙල් අලෙවි කරුවන් වැඩි මිලට තෙල් අලෙවි කර ඇති බවත් තෙල් මිල අඩු කර පණිවිඩය ප්‍රමාද වී ඇති බව සඳහන් කරමින් බොහෝ ඉන්ධන පිරවුම්හල් වැඩි කළ මිලට තෙල් අලෙවි කිරීම නිසා පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්වූ බව අනාවරණය විය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්