ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර වූ එක`ගතාවකට එළැඹ ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ  නිල නිවසේ පැවැති සාකච්ඡුාවකදී එම එක`ගතාවට පැමිණ තිබේ.

එම සාකච්ඡුාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ, රාජිත සේනාරත්න, මනෝගනේෂන් ආදි ඇමැතිවරුන් සහභාගි වී සිටියහ. පළාත් පාලන මැතිවරණය සේම පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමට මුලින් තීරණය කළ අතර පැවැති පළාත්පාලන මැතිවරණයේ දී ඇති වු ගැටලූ නිසා පළාත් සභා මැතිවරණය සමානුපාතික ක‍්‍රමයට පැවැත්විය යුතු බවට  යෝජනා විය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට විරුද්ධ වුවත් මේ වන විට පැරණි ක‍්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න