අවුරුදු 18න් පහළ ආසියානු වොලිබෝල් තරගාවලියේ දස්කම් අතරට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ප‍්‍රබල කණ්ඩායම් දෙකක් වන  ඕස්ටේ‍්‍රලියාව සහ හොංකොං කණ්ඩායම දැඩි ප‍්‍රහාරයකට ලක්වෙමින් ශ‍්‍රී ලංකාව හමුවේ පරාජය වුණා.

මෙහිදී  ඕස්ටේ‍්‍රලියාව 3ට 0ක් ලෙස පරාජය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.

රටවල් 18ක් සහභාගි වන මෙම තරගාවලියේ ඉරානයේ ටැබ්රීස් නගරයේදී පැවැත්වෙනවා.

ඉකුත් ජුනි 29වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය ජුලි 6 දක්වා පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සී කොටස යටතේ තරගවදින අතර මේ වනවිට ලකුණු සටහනේ ඉදිරියට පැමිණ ඇත්තේ සෙසු රටවල්වලට අභියෝගයක් වෙමිනි.

භක්ති මෙන්ඩිස්