ජපානය තුළ ඝාතන සංස්කෘතියක් නිර්මාණය කරන්නට උත්සාහ ගත් කුප්‍රකට අධ්‍යාත්මික නායකයකු වූ සෝකෝ අසහාරා හට මරණ දඬුවම ලබා දී තිබේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය පවසන ආකාරයට ඊයේ (05) එනම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔහුට මරණිය දණ්ඩනය ලබාදී ඇත. 1995 වසරේදී ජපානයේ ටෝකියෝහි උමං දුම්රිය නැවතුම්පොළකට විෂ ගෑස් ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 12 දෙනකු ඝාතනය කර තවත් පුද්ගලයින් පන්දහසකට විෂ ආඝ්‍රණය කරවීම සැලසුම් කළේ සෝකෝ අසහාරාය.

ලෝකයේ සිටින මිනිසුන් සියලු දෙනා ඝාතනය කර නැවත ලෝකය ප්‍රති නිර්මාණය කළ යුතු බවට ඔහු විශ්වාස කොට ඇත. ඔහුගේ අන්ධ අනුගාමිකයින් ඔහුව ඇමතුවේ “ගුරු” යන නාමයෙනි. හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි යන ධර්මයන් සියල්ල එකතු කළ ධර්මයක් නිර්මාණය කළ ඔහු දිය දහස් ගණනක් තම අනුගාමිකයන් බවට පත් කරගත්තේය. ඔහුගේ අනුගාමිකයන් අතර වෛද්‍යවරුන්, නීතිවේදීන්, ඉහළ විධායක නිලධාරීන් වැනි ඉතා උගත් පිරිස් සිටි බව පැවසේ. ගෑස් ප්‍රහාරයට පසුව ඔහුව හඳුන්වනු ලැබුවේ ” මරණයේ දූතයා” යන අන්වර්ථ නාමයෙනි. 1995 වසරේ එල්ල කළ ප්‍රහාරයේ සේයාරූ පහතින් දැක්වේ.

NINTCHDBPICT000418448072 NINTCHDBPICT000418433664 NINTCHDBPICT0000013540111 NINTCHDBPICT000001115640 NINTCHDBPICT000418435310