ආණ්ඩුව විසින් කල් දමා ඇති පළාත් සභා මැතිවරණය දිනාගැනීම සහ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව දිවයිනම ආවරණය වන පරිදි සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වෙයි.

ආසන මට්ටමින් පැවැත්වෙන මෙම වැඩසටහන නම් කර ඇත්තේ ”පොදුජන රළ” ලෙසයි.

සම්මන්ත‍්‍රණ මාලාව ‘ආණ්ඩු විරෝධයේ ජාතික හටන’ යන තේමාව යටතේ රටපුරා පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු අදියර ජූලි මස 14, 15, 21, 22, 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට නියමිතය.

දැනට නිල කාලය අවසන් වී ඇති උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා බලප‍්‍රදේශ 03ට හා ලබන ඔක්තෝම්බර් මාසයෙදී නිල කාලය අවසන් වන වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභා 03ට ප‍්‍රමුඛතාව ලබාදෙමින් සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වේ.