මහජන පීඩා ඇතිවන පරිදි පවත්වාගෙන යන ගල් වළවල් කිහිපයකට අදාළව එක පෙත්සමක් ගොනු කළ නොහැකි බවට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීන්දු කළේ ය.

එ් පාදුක්ක ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින ගල් වළවල් 16කට අදාළව ගොනු කරන ලද පෙත්සමක් හෝමාගම අධිකරණය විසින් නිෂ්ප‍්‍රභා කළ අවස්ථාවේදී තීන්දුව ප‍්‍රකාශයට පත්කරමිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් පොන්නම්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ ගල් වළවල් කිහිපයක් සඳහා එක් නඩුවක් විභාග කිරීමට ඇති ගැටලූ පිළිබඳවයි.

එ් අනුව ඉහත තීන්දුව ප‍්‍රකාශයට පත්කෙරුණු අතර පැමිණිල්ලේ එක් වගඋත්තරකාර පාර්ශ්වයක් සම්බන්ධයෙන් පමණක් නඩුව ඉදිරියට ගෙනයාමට ද මෙහිදී තීන්දු විය.