සැන්ඩි ෆර්නැන්ඩස් කියන්නේ පොලිස් නිලධාරියෙක්.
ඔහු වසර ගණනාවක් ටෙක්සාස්හි හූස්ටන් පොලීසියේ සේවය කළත් පසුගියදා වූ සිදුවීමකින් විනාඩි ගණනකින් දහස් ගණනක් දෙනා ඔහු පිළිබඳ දැනගත්තා.
එ් දරදඬු පොලිස් ඇඳුමට ඇතුළතින් සිටින මිනිස් හදවතත් විටෙක උණුවන බව දැන්වීමට මෙනි.
සැන්ඩි සිටියේ තම සොයුරු පොලිස් නිලධාරීන් ද සමඟ මියුරු සංගීතයක් පසුබිමින් ඇසෙන සාදයකයි.
එහිදී 6 හැවිරිදි පුංචි දැරියක් ඔහු සමඟ සිනාසුණා.
එ් සිනාව දෙස බලා සිටියද පෙරළා සිනාසෙන්නටත් අමතක වුණු සැන්ඩිට ඉන්පසුව ඇය අත වැනුවා.
සැන්ඩි සිටියේ මධුවිත පානය කරමින්. එහෙත් ඔහුට එක්වරම දැනුණේ ඇය ඔහු ගැන කලක සිට දන්නවා මෙන් සිනාසෙමින් බලන ආකාරයයි.
සැන්ඩිට ඇය වෙත යාමට අවශ්‍ය වුණා.
‘ඔයාට නටන්න ඕනෙද?’ සැන්ඩි ඇසුවේ රෝද පුටුවක සිටිමින් ඇය වෙත සිනා පෑ පුංචි දැරියගෙන්.
ඇය එසැණින් ඇයගේ දෑත සැන්ඩි වෙත පෑවා.
ඉන්පසුව ඔවුන් දෙදෙනා කරකැවෙමින් නර්තනයේ යෙදුණේ අවට සියල්ලන්ගේ දෑස් නොදැනුවත්වම ඔවුන් දෙස ඇදෙන බව ද නොදැනයි.
පුංචි දැරිය සතුටින් රෝද පුටුවේ සිට නර්තනයේ යෙදුණේ පෙර නොවූ සතුටක් ලැබුවා මෙන්.
සාදයේ ඞීජේ මෙහෙයවූ පුද්ගලයා විසින් පටිගත කොට සමාජ ජාලයක මුදාහැරීමත් සමග ඊට ලැබුණේ නොසිතූ ප‍්‍රසිද්ධියක්.
ඞීජේ විසින් මෙම වීඩියෝවට අපූරු සටහනක් ද කර තිබුණා.
‘ඊයේ? මම ඞීජේ කළ සාදයේ දකින්නට ලැබුණු දෙයක් තමයි මේ. මෙන්න මේක තමයි මම මගේ රැුකියාවට මේ තරම් ආදරය කරන්න හේතුව.’
මේ වීඩියෝව හූස්ටන් පොලීසියත් සිය නිල සමාජ ජාල ගිණුම මගින් මුදාහැර තිබුණා.
මේ ගැන සැන්ඩි පොලිස් නිලධාරියා නම් කියා තිබුණේ මෙවැන්නක්.
‘මම නම් මේ වීඩියෝව දකිනකම් දැනගෙන හිටියේ නෑ මේක කෙනෙක් දැක්කා කියලාවත්. මට වෙන කාගැනවත් නෙවෙයි එ් දැරිය ගැන පුදුම හැඟීමක් ඇතිවුණේ. හරියට මට හැමදාම මගේ ළඟ හිටිය දරුවෙක් වගේ. ඇය ලස්සනයි. මේක තමයි අපේ රාජකාරියේ දී අපිට කියාදෙන මානව සබඳතා පැවැත්වීම කියන්නේ.’